ඉඩම් අඟලකටවත් අයිතියක් නොතිබූ පවුල් ලක්ෂ 24කට උරුමය ඔප්පු ලබාදීමත් සමඟ රට තුළ ඉඩම් මිල පහත වැටීමේ ප්‍රවණතාවක් පවතින බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. මෙය මෙරට විශාලතම ඉඩම් පෞද්ගලීකරණ වැඩසටහන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජය සතු ඉඩම් විශාල ප්‍රමාණයක් පවුල් මිලියන 2.4 ක පුද්ගලික අයිතියට පැවරීම හරහා ඉඩම් අහිමි වූ ජනගහනයෙන් විශාල පිරිසකට ඉඩම්වල සින්නක්කර අයිතිය හිමිවන බැවින් ඉඩම් සඳහා ඇති ඉල්ලුම පහත වැටීම නිසැකවම ඉඩම් සඳහා ඇති ඉල්ලුම අඩුවීමට හේතු වන බව වෙළඳපල විශ්ලේෂකයෝ පැවසූහ. දිවයිනේ විශාලතම ඉඩම් ප්‍රමාණය ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ ජනතාව වෙත පැවරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් පසුගිය අයවැයෙන් ස්ටේෂන් ප්ලාසා සංකල්පය හඳුන්වාදීමත් සමඟ එම ඉඩම පැවරීමේ යෝජනා පිළිබඳව මේ දිනවල සොයා බලමින් පවතින අතර එය ජූලි 15 වැනිදා වනවිට අවසන් කිරීමට නියමිතය.
මහවැලි සහ අනෙකුත් අමාත්‍යාංශ සතු ඉඩම් නිශ්චිත ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට ද රජය තීරණය කර ඇත. රජයේ තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම යටතේ කුලිය තීරණය වන අතර අතරමැදි හෝ දේශපාලන සම්බන්ධයකින් තොරව ඵලදායි ව්‍යාපෘති සඳහා ඉඩම් හිමි අමාත්‍යාංශවලට අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් රජයේ ඉඩම බදු පදනම මත ලබා ගැනීමට හැකියාව ඇත.
මෙම තත්ත්වය මත වර්තමානයේදී පෞද්ගලික ඉඩම් විකිණීම සඳහා දැන්වීම් පළ කළද ජනතාව ඉඩම් මිලදී ගැනීමට මැලිකමක් දක්වන බවත්, ඔවුන් හුදෙක් මිල ගණන් පමනක් විමසා බලන බවත් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ වැඩිදුරටත් පැවැසූහ.
ඉඩම් මිල පහත වැටේ
41
previous post