උතුරු නයිජීරියාවේ බෝම්බ පිපිරීම්වලින් 18 දෙනෙක් මිය ගියහ

නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික පිපිරීම් මාලාවකින් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.සෙනසුරාදා මංගල උත්සවයකදී සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රාන්තයේ හදිසි කළමනාකරණ ඒජන්සිය පැවසුවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ග්වෝසා නගරයේ විවාහ මංගල්‍යයකට, අවමංගල්‍යයකට සහ රෝහලකට ප්‍රහාර එල්ල කළ බවයි.මිලියන දෙකකට අධික ජනතාවක් අවතැන් කර 40,000කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ වසර 15ක කැරැල්ලේ කේන්ද්‍රස්ථානය වූයේ බෝර්නෝ ප්‍රාන්තයයි.

බොකෝ හරාම් සංවිධානය 2014 වසරේ දී බෝර්නෝ ප්‍රාන්තයේ චිබොක් නගරයෙන් පාසල් සිසුවියන් 270කට අධික පිරිසක් පැහැරගෙන යාමත් සමඟ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් විය.

බලධාරීන් පැවසුවේ සෙනසුරාදා මරණ 18 ක් තහවුරු වී ඇති අතර, ළමයින්, වැඩිහිටියන් සහ ගර්භනී කාන්තාවන් ද එ අතර්තුර අති බවයි

සමහර ප්‍රාදේශීය මාධ්‍ය ඊට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇත – නයිජීරියාවේ වැන්ගාඩ් සහ දස් ඩේ පුවත්පත් පැවසුවේ පිපිරීම්වලින් අවම වශයෙන් 30 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
හමුදාව විසින් ඇඳිරි නීතිය පනවා ඇති අතර ප්‍රහාරවල වගකීම කිසිවකු භාරගෙන නැත.
ග්වෝසා 2014 දී බොකෝ හරාම් විසින් අල්ලා ගන්නා ලද අතර 2015 දී නයිජීරියානු හමුදා විසින් ආපසු ලබා ගන්නා ලදී – නමුත් කණ්ඩායම එතැන් සිට නගරය අසල ප්‍රහාර සහ පැහැරගැනීම් දිගටම කරගෙන ගොස් ඇත.
පසුගිය නොවැම්බරයේ අසල්වැසි යෝබේ ප්‍රාන්තයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී ආපසු යමින් සිටියදී බොකෝ හරාම් කැරලිකරුවන් විසින් පුද්ගලයන් 20 දෙනෙකු ඝාතනය කරන ලදී.
ගම්වැසියන් ඊනියා අස්වැන්න බද්ද ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, සටන්කාමීන් ගුරෝකයේය ගම්මානයේ වැටලීමකදී 17 දෙනෙකු මරා දමා දිනකට පසු මෙම ප්‍රහාරය එල්ල වූ බව පොලිසිය පවසයි. (බීබීසී පුවත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.