.
බහුදින ධීවර යාත්‍රාවක යෙදී සිටි තංගල්ල ධීවර වරායේ ධීවරයින් 6 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ධීවරයින් පස් දෙනෙකුට ජීවිත අහිමි ව එති අතර තවත් ධීවරයෙකුට රෝගාතුර ව අත.
.නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික විජයබාහු යාත්‍රාව යොදවා වෛද්‍ය කණ්ඩායමක් සමඟින් නියමිත මුහුදු ප්‍රදේශයට ආධාර ලබාදී ඔවුන් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇත.
“මොරට් වෙසල් කොටා කැමල් ” නමැති සිංගප්පූරුවේ ධජය යටතේ යාත්‍රා කළ වෙළෙඳ නෞකාවක් ඊයේ එම අවාසනාවන්ත යාත්‍රාවෙන් ජීවතුන් අතර සිටි ධීවරයින් දෙදෙනෙකු ගොඩට ගෙන තිබේ. එහෙත් ප්‍රතිකාර ලබමින් සිටියදී දෙදෙනාගෙන් එක් අයෙක් ද මිය ගියේය.
මොරට් වෙසල් කොටා කැමල් නෞකාව විසින් ලංකා නාවික හමුදාවට මෙම තත්වය දනුවත් කර තිබුණි.