කොළඹ සමුද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) විසින් අද (2024 ජුනි 30) උදෑසන කොටා කැමිල්’ නම් වෙළඳ නෞකාව හරහා “ඩෙවෝන් 5” බහුදින ධීවර යාත්‍රාවෙන් අසාධ්‍ය ලෙස රෝගාතුර වූ ධීවරයින් 02 දෙනෙකු ගොඩගැනීම සම්බන්ධීකරණය කරන ලදී. කෙසේ වෙතත්, එම ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකු වෙළඳ නෞකාවේ සිටියදී ඛේදජනක ලෙස සිය ජීවිතය අහිමි කර ගෙන තිබේ. ඉතිරි ධීවරයා දෙවුන්දර සිට නාවික සැතපුම් 170 (කිලෝමීටර් 314) පමණ දුරින් අද (ජුනි 30) සවස ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු වෙත මාරු කර යවා ඇත.
ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ සිටි නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම අසාධ්‍ය ලෙස රෝගාතුර වූ ධීවරයාට හදිසි ප්‍රතිකාර ලබාදෙමින් සිටී. මීට අමතරව විජයබාහු නෞකාව ඛේදජනක ලෙස ජීවිතය අහිමි වූ අනෙක් ධීවරයාගේ දේහය රැගෙන වෙරළ බලා ගමන් කරමින් සිටී.