මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, අද (ජුලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම් 2 මට්ටමේ සිට 1 වන මට්ටම දක්වා නැවත සකස් කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි.
වැඩිදියුණු කළ ආරක්‍ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබිඹු කරන සංශෝධිත අනතුරු ඇඟවීම මගින් ශ්‍රී ලංකාවට වැඩි කොරියානු සංචාරකයින් ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.