පහරදීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට විනිසුරු සංගමය

ඩයලොග් පාසල් ‘ඒ’ කොටසේ , ලීග් රග්බි තරඟාවලියේ S. තෝමස් විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතර තරඟයකින් අනතුරුව තරඟ නිලධාරීන්ට පහරදීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවන්ගේ සංගමයේ (SLSRFR) සභාපතිවරයා දැඩි අවවාදයක් නිකුත් කර තිබේ. ඉරිදා රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී මෙම සිදුවීම සිදුවිය.
තරග තීරක ඉශංක අබේකෝන් සහ අජිත් කුමාර, මාධව විජේසිරි සහ ජීවක ෆොන්සේකා යන තරග නිලධාරීන් තිදෙනා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රහාරයකට ලක්ව තරගය අවසන් වූ වහාම රෝහල් ගත කර ඇති අතර ෆොන්සේකා මහතා තවදුරටත් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
“ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ තරඟාවලි නීතිරීති අනුව ක්‍රීඩකයින් සහ තරඟ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සත්කාරක කණ්ඩායම වගකිව යුතු බව රග්බි විශේෂඥයෙක් පැවසීය.
“මෙහි ඇති ප්‍රශ්නය නම් මූලික අවශ්‍යතාවයක් වන ආරක්ෂාවක් සපයා නොතිබීමයි. මෙය තරඟාවලි නීති උල්ලංඝණය කිරීමක් වන අතර වගකිවයුත්තන්ට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු අති බවට විශේෂඥයා වැඩිදුරටත් පැවසීය.
SLSRFR හි සභාපති ඩින්කා පීරිස් තහවුරු කළේ “එම රාත්‍රියේම ගල්කිස්ස පොලිසිය විසින් ප්‍රහාරකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
“රීති පොතේ දක්වා ඇති පරිදි ක්‍රීඩකයන්ගේ, තරග නිලධාරීන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම සත්කාරක පාසල වගකිව උතු බව ඉස්මතු කර අත.
පීරිස්ගේ මහතාගේ නායකත්වයෙන් ,SLSRFR කමිටුවේ 12 දෙනෙකුගෙන් යුත්  සාමාජික කමිටුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තීරණාත්මක තීරණයක් ගැනීමට සූදානමින් සිටී.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.