පාසැලේදී ඉගැන්විය යුතු ව්‍යවසායකත්වය

පාසල් මට්ටමේ සිට ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණින් පළමු අදියරේදී පාසල් 3000ක ව්‍යවසායකත්ව කව නිර්මාණය කිරීමට නියමිතය. නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමයත් සමඟ සිසුන්ට වයස අවුරුදු 14 දී තම වෘත්තීය දිශාව තෝරා ගැනීමේ හැකියාව ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
පාසල් වියේ සිටම සිසුන්ට ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් සහ පුහුණුවක් ලබාදිය යුතු බවට අප් තීරණය කර තිබෙනවා. නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමය යටතේ දරුවන්ට 9 ශ්‍රේණියේ එනම් වයස අවුරුදු 14 පමණ වන විට දෙමාපියන් සමඟ සාකච්ඡා කර තම අනාගත වෘත්තීය මඟ තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව සාමාන්‍ය පෙළ අධ්‍යාපනය අවසන් කරන සිසුන්ට ව්‍යවසායකත්වය හැදෑරීමේ අවස්ථා වැඩි කර අති අතර  මෙම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමය හරහා 6 ශ්‍රේණියේ සිට වෘත්තීය මාර්ගෝපදේශන ලබාදීමට නියමිතයි.පළමු වටයේදී උසස් පෙළ අධ්‍යාපනය ලබන පාසල් 3000ක ව්‍යවසායකත්ව කව ස්ථාපිත කර මෙම විෂයට අදාළ දැනුම හා පුහුණුව ලබාදීමට නියමිතය.
නවීන ලෝකයේ විද්‍යාව හා තාක්‍ෂණයේ දියුණුවත් සමඟ අද කිසිදු රටක් හුදකලා කළ නොහැකි බවත් රට තුළ නිෂ්පාදනය කළ හැකි අත්‍යාවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයේ පදනම මෙම වැඩපිළිවෙළ තුළින් මතුවන බවත් ඇමැතිවරයා පැවැසීය.
ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙරට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ විදේශ වෙළෙඳපොළට සරිලන අයුරින් නිෂ්පාදනය කිරීමට අප කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
ඒ සඳහා පදනම පර්යේෂණ හා නව නිපැයුම් මත පදනම් වන බවත්, ඒ සඳහා අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන සහයෝගය තවත් වැඩි කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මඟින් සිදු කරන පර්යේෂණවලින් වටිනා නව නිපැයුම් නිෂ්පාදනය කළද ඒවා ප්‍රායෝගිකව භාවිත කළ හැකි මට්ටමට සහ අවශ්‍ය නිෂ්පාදන මට්ටම්වලට දියුණු වී නැති බව එතුමා අවඩාරනය කලේය.
අධ්‍යාපන ක්‍ෂේත්‍රය නවෝත්පාදන ක්ෂේත්‍රය සමඟ සහසම්බන්ධ විය යුතු බවත් එමඟින් එම පර්යේෂණ තුළින් දෙස් විදෙස් වෙළෙඳ පොළට සරිලන නව නිෂ්පාදන නිර්මාණය කිරීමට අවස්ථා උදාවන බවත් ඇමැතිවරයා පැවැසීය.
වර්තමානයේ නව පර්යේෂණ පිළිබඳ උත්සවයක් පවත්වා ත්‍යාගයක් හා සම්මානයක් ලබා දීම සම්ප්‍රදායිකයි. කෙසේ වෙතත් අප එතැනින් නොනැවතිය  ඉඩිරියට්ට යාමට අවශ්බව  වැඩිදුරටත් පැවසීය. මෙමගින්  අනාගතයේ දී, නව පර්යේෂණ හරහා නව නිර්මාණය ද නව නිෂ්පාදන ද වෙළඳපොළට මග පාදනු ඇත.

Related posts

විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ අන්තර්ජාල අවුල

2024/25 මහ කන්නය සඳහා වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය.

පාස්කු ඉරිදා විපතට පත්වූවන්ට මෛත්‍රී රුපියල් මිලියන 100ක වන්දිය සම්පූර්ණ කරයි