Thursday, February 27, 2025
Home » බාලදක්ෂ සේවා හා සබඳතා මාසය අදින් ආරම්භ වේ

බාලදක්ෂ සේවා හා සබඳතා මාසය අදින් ආරම්භ වේ

by bltdil
0 comment 1 minutes read

ජාතික බාලදක්ෂ සේවා හා සබඳතා මාසය ආරම්භය සනිටුහන් කරමින් අරලියගහ මන්දිරයේ සේවාවල නිරත වූ බාලදක්ෂයින් සඳහා පළමු සේවා කාඩ්පත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික බාලදක්ෂ සේවා හා සබඳතා මාසය ජූලි මස 01 වැනිදා සිට 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර, මෙම කාලය තුළ ශ්‍රී ලංකාව පුරා සිටින බාලදක්ෂයින් 110,000කට අධික පිරිසක් බාලදක්ෂ සේවාවල නිරත වීමට අපේක්ෂා කරති.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –
“යම් කාර්යයක් සඳහා තම ශ්‍රමය පරිත්‍යාග කරන බාලදක්ෂ සේවා සහ සබඳතා ක්‍රියාවලිය සියවසකට වැඩි කාලයක් තිස්සේ අපේ රටේ ක්‍රියාත්මක වේ. මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන පාසල් සිසුන් එය නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව බාලදක්ෂ කඳවුර පවත්වයි.
ප්‍රදේශ ගණනාවක සංචාරය කිරීමෙන් දරුවන්ට අත්දැකීම් රාශියක් එකතු කර ගැනීමට අවස්ථාව ලැබේ. ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන සියලුම බාලදක්ෂයින්ටත් එය ශක්තිමත් කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන කොමසාරිස් තුමාටත් මම ජය ප්‍රාර්ථනා කරනවා.”
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා-
“සේවා සහ සබඳතා මාසය 2024 ජූලි 01 වැනිදා ආරම්භ වේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ බාලදක්ෂයින් තම ශ්‍රමය යොදවා සංගමයට, දිස්ත්‍රික්කයට සහ තම බාලදක්ෂ කණ්ඩායමට අවශ්‍ය මුදලින් කොටසක් උපයා ගැනීමෙනි.”
බාලදක්ෂ කොමසාරිස්වරුන් ප්‍රමුඛ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එස්.එස්. මුහීඩ්, ජාත්‍යන්තර කොමසාරිස් ආචාර්ය රජීව පීරිස් යන මහත්වරු ඇතුළු බාලදක්ෂයින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00