වැඩ බලන නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ දිවුරුම් දෙයි

වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ (Jnr) අද පෙරවරුවේ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු වූ නීතිපති තනතුර සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා පත් කරනු ලැබුවේ ජුනි 28 වැනිදාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඊ (ආ) සහ 41 (ඇ) වගන්තිවලින් පවරන ලද බලතල අනුව මෙම පත් කිරීම සිදු කර ඇත. මෙම පත්වීම ජුනි 28 සිට ජූලි 11 දක්වා බලපැවැත්වේ.
රණසිංහ රජයේ නීතීඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණු අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යන විවිධ තනතුරු දරමින් වසර 31ක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා හිටපු අගවිනිසුරු පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයාය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.