Thursday, February 27, 2025
Home » අසාත්මික ප්‍රතික්‍රියාවක් හේතුවෙන් සිසුන් 27 දෙනෙකු රෝහල් ගත කෙරේ

අසාත්මික ප්‍රතික්‍රියාවක් හේතුවෙන් සිසුන් 27 දෙනෙකු රෝහල් ගත කෙරේ

by bltdil
0 comment 1 minutes read

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පොකුණුගල ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ සිසුන් 27 දෙනෙකු අසාත්මිකතාවක් හේතුවෙන් ඊයේ (3) උදෑසන අත්තනකඩවල ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව බකමූණ පොලිසිය වාර්තා කළේය.
ඇතුළත් වූ එක් දරුවෙකු හැර සෙසු සිසුන් ප්‍රතිකාර ලබා දහවල් වන විට පිටව ගිය බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
දුරකථනයෙන් කළ විමසීමකදී පොකුණුගල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඕ.ජී.සරත් කියා සිටියේ මෙම අසාත්මිකතාව ආහාර විෂ වීමෙන් ඇති වූවක් නොවන බවයි. පාසල් ආහාර සපයනු ලබන්නේ එක් සැපයුම්කරුවෙකු විසින් බවත් එම ආහාර පරිභෝජනය කරන අනෙකුත් පන්තිවල සිසුන් අතර අසාත්මිකතා ප්‍රතික්‍රියා වාර්තා නොවූ බවත් ඔහු සඳහන් කළේය.
විදුහල්පතිවරයා කියා සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාසලට පැමිණ පරීක්ෂණයක් පැවැත්වීමටයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇලහැර බකමූණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ බකමූණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00