ආරිය රූබසිංහගේ චරිතාපදානය අද එළිදැක්වීමට නියමිතයි

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආරිය රූබසිංහ මහතාගේ ප්‍රසිද්ධ ජීවිතයේ අභියෝගාත්මක සහ ආන්දෝලනාත්මක ක්ෂේත්‍ර හෙළි කරන (‘ඒ තමයි ආරි’) චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්වීම අද (05) පස්වරු 3.00 ට කොළඹ 05 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරේ.
රූබසිංහ මහතා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පැවති සමයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ යුද ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ නිසි අධිකාරිය ඇතුළු රාජ්‍ය අංශයේ තනතුරු රැසක් හෙබවීය. ආරි මාධ්‍යවේදීන්ගේ හිතවත් මිතුරෙකු විය.
පසුගිය දශක කිහිපය තුළ මෙරට පැවැති දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික ක්ෂේත්‍ර පිළිබඳ මෙතෙක් නොදැන සිටි තොරතුරු රැසක් මේ කෘතියෙන් හෙළිදරව් වේ.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි සහ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය. ‘ඒ තමයි ආරි’ පොත ද්ලිප් කුලතුංග මහතා ගේ රචනයක් වන අතර සරත් පෙරේරා මෙම කෘතියේ විශේෂ ඡායාරූපකරණය සිදු කර ඇත. පොත සරසවි ප්‍රකාශනයකි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.