ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික භෝග චීන වෙළඳපොළට ආනයනය කිරීම සඳහා පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීනයේ රේගු සාමාන්‍ය පරිපාලන උප අමාත්‍ය Wang Lingjung මහතා පැවසීය.
චීන නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (3) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
ශ්‍රී ලංකාවේ වගා කෙරෙන තේ, පොල්, අන්නාසි සහ කුළුබඩු වැනි කෘෂිකාර්මික භෝග මෙන්ම ධීවර නිෂ්පාදන ද චීන වෙළෙඳපොළ වෙත අපනයන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
2023 වසරේදී චීනයට ශ්‍රී ලංකාවෙන් සිදුකරන කෘෂිකාර්මික අපනයනවල මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් බව අමාත්‍ය අමරවීර මහතා අවධාරණය කළේය. චීන රජය විසින් අපේ රටෙන් මිලදී ගන්නා තේවල වටිනාකම සියයට 2.5කින් ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළා.
තේ, ඇඳුම් පැළඳුම්, ස්වභාවික රබර් නිෂ්පාදන, මැණික්, ඛනිජ සහ සක්‍රීය කාබන්, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ රසකැවිලි මෙන්ම අපේ රටේ නිෂ්පාදනය කරන ධීවර නිෂ්පාදන චීනයට අපනයනය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. චීනය සතු විශාල වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.
මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන උසස් තත්ත්වයේ එළවළු සහ පලතුරු ඕනෑම ප්‍රමාණයක් මිලදී ගැනීමට චීන රජය පුළුල් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා ඇතුළු චීන රජය නියෝජනය කරමින් නිලධාරීන් සහ එක් එක් අංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.