උසාවියෙන් මිලියන 20ක විස්කි බෝතල් අතුරුදන්

රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් විස්කි බෝතල් 2000කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නිෂ්පාදන මැදිරියේ හිටපු භාරකරු ජූලි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩා කර ඇති කාමරය භාරව සිටි අයෙකි. 2015 වසරේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන් බෝතල් 3505කට අදාළ නඩුවකට අදාළව සැකකරුවන් වරදකරුවන් කර නඩුව අවසන් කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. නඩුවට අදාළ විදේශීය මත්පැන් තොගය නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසිය සැකකරු පොලිසියට කැඳවා තිබිණි. පසුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු ජූලි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.