හම්බන්තොටදී කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ 15ක ගෙඩියක් වෛද්‍යවරුන් විසින් ඉවත් කරයි

නිවුන් දරුවන් පස් දෙනෙකුගේ බඩ ප්‍රමාණයෙන් යුත් මවකගේ ගර්භාෂයේ තිබූ කිලෝග්‍රෑම් 15ක ගෙඩියක් සාර්ථකව ඉවත් කළ බව සැත්කම සිදුකළ හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා පැවැසීය.
වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මවකට ඊයේ (3) පෙරවරුවේ සැත්කමක් සිදුකර තිබෙනවා.
මව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සැත්කම සිදුකළ වෛද්‍යවරු පවසති.
වසර ගණනාවක් පුරා ඇයගේ උදරය ක්‍රමයෙන් ඉදිමෙමින් තිබූ බැවින් ඇයට විවිධ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා දී ඇත. හම්බන්තොට රෝහලට පැමිණ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා හමුවූයේ උදරය දරාගත නොහැකි තරමට ඉදිරියට නෙරා ඒම නිසාය. විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම පැවසුවේ ඇයගේ රෝගී තත්ත්වය නිසි පරිදි හඳුනාගෙන කඩිනමින් සැත්කම සිදු කළ බවයි.
උදරයේ වේදනාවක් ඇත්නම් විශේෂඥ වෛද්‍යවරයකු ලවා පරීක්‍ෂා කර ගන්නා ලෙස වෛද්‍ය සමරවික්‍රම මහතා සියලුම මව්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.