හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට අයත් රුපියල් මිලියන 93කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු තුනක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ තහනම් නියෝගයක් නිකුත් කළේය.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
2023 අංක 09 දරන දූෂණ මර්දන පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයක කොටසක් ලෙස මෙම නියෝගය ලබාගෙන ඇත.