අද රාත්‍රී 9 සිට හෙට පස්වරු 3 දක්වා ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයට සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට සහ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නළයේ කාන්දුවක් හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවේ.