වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට තීරණය කළ ගැසට් නිවේදනයේ වලංගුභාවය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (4) අතුරු නියෝගයක් නිකුත් කළේය.
අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් කිහිපයක් ගොනු කළ අභියාචනා පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
පෙත්සම් විභාගය අගෝස්තු 28 වැනි දිනට නියම කෙරුණු අතර පෙත්සම් විභාගය අවසන් වනතුරු මෙම අතුරු නියෝගය බලපැවැත්වේ.