කෑගලු විද්‍යාලය – කෑගල්ල ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2024 ජූලි 04 වන දින ජනාධිපති ලේකම් කාර්යාලීය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද සහභාගී විය.
රැස්ව සිටි පිරිස අමතමින් ඒකනායක මහතා පාර්ලිමේන්තු ක්‍රමය අවබෝධ කර ගැනීමට තරුණ සහභාගීත්වය පිළිබඳව සිය සතුට පළ කළේය. එමෙන්ම දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමේදී උගත්කම සහ දේශපාලනයේ මනා අවබෝධයකින් සිටීමේ වැදගත්කම ද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අනාගත පරපුර අධිෂ්ඨාන කරගත යුතු බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර පාර්ලිමේන්තුවේ කටයුතු පැහැදිලි කරමින් ප්‍රකාශ කළා. ශිෂ්‍ය පාර්ලිමේන්තු ව්‍යාපෘතියට අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පළමු පාසල කෑගල්ල කෑගලු විද්‍යාලය බව ඇය වැඩිදුරටත් සිහිපත් කළාය. දේශපාලන වශයෙන් දැනුවත් ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණින් පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව දැනුවත් කර මෙම දැනුම සියලු දෙනා සමඟ බෙදා ගන්නා ලෙස කුෂානි රෝහණදීර සියලුම තරුණ සිසුන්ට ආරාධනා කළාය.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වැදගත් තීන්දු තීරණ රැසකට රැකවරණය සලසන ව්‍යවස්ථාදායක ගොඩනැඟිල්ලක් වන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම විවාදය පැවැත්වීම දරුවන්ට මහඟු අවස්ථාවක් වූ බව කෑගල්ල කෑගලු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.ඒ. හේරත් මහතා පැවසීය.
කෑගලු විද්‍යාලයේ – කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම මෙම අවස්ථාවට සහභාගී වූ දූ දරුවන්ට සහතිකපත් ප්‍රදානය කෙරිණි.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීකා දංගොල්ල, මහජන සම්බන්ධතා කළමනාකාරිනී බුද්ධිනි රාමනායක, දුමින්ද වික්‍රමසිංහ, යස්‍රි මොහොමඩ් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සම්බන්ධතා සම්බන්ධීකාරක ජය ප්‍රකාශ් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.