ලොරි රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට, තිදෙනෙකුට තුවාල

බදුල්ලේදී ඊයේ දහවල් 12 ට පමණ ඔවුන් ගමන් ගත් ලොරි රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ලොරි රථයේ ගමන් ගත් තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරට ලක්වූ ලොරි රථයේ බස් නැවතුම් පොළවල් සකස් කිරීමට බදුල්ලට පැමිණි මොණරාගල ප්‍රදේශයේ කම්කරුවන් පිරිසක් රැගත් ලොරි රථයකි. බදුල්ල – සොරණාතොට මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේදී තියුණු වංගුවකින් ගමන් කිරීමේදී ලොරි රථය මාර්ගය මැද පෙරළී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.