සෙනසුරාදා (6) ඇතිමලේ සහ කුඹුක්කනෝය ප්‍රදේශවලදී වන අලි ප්‍රහාරයකින් ගොවීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන වසන්ත සුමනසේකර (42) සහ ඔක්කම්පිටිය, මිණිපුරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි තිදරු පියෙකු වන පී.එච්.කේ ගුණරත්න යන අයයි.
කුඹුක්කනෝය සහ ගෝනගංආර පොලිස් බලප්‍රදේශයන්හි මෙම සිදුවීම් සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.