රග්බි ප්‍රජාවට සුවිශේෂී පියවරක් ලෙස හැව්ලොක් ටවුන් හි හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලයට පවරා දීමට ක්‍රීඩා, යෞවන කටයුතු, ඉඩම් සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත.
මෙම ඓතිහාසික තීරණය ඉසිපතන විද්‍යාලයට ලබන වසරේ සිට පුහුණුවීම් සහ සත්කාරක ගෘහස්ථ තරග සඳහා ක්‍රීඩාංගණය භාවිතා කිරීමට ඉඩ සලසයි. හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය 1980 දශකයේ අග භාගයේ කැපී පෙනෙන තරඟ සඳහා සත්කාරකත්වය ලබාදී ඇති අතීත ඉතිහාසයකට හිමිකම් කියයි.