තුර්කි නාවික හමුදාවේ TCG Kinaliada සංචාරයක් සඳහා ඊයේ (9) කොළඹ වරායට සේන්දු විය. නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාව පිළිගන්නා ලදී.
මීටර් 99.5 ක් දිග මෙම නෞකාව තුර්කි නාවික හමුදාවේ සේවය කරන අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් ලෙස 152 දෙනෙකුගෙන් සමන්විත වේ. නෞකාවේ අණදෙන නිලධාරියා වන්නේ Serkan Dogan ය.
නෞකාවේ අණදෙන නිලධාරීවරයා බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා මහතා බටහිර නාවික හමුදා මූලස්ථානයේදී හමුවිය. නෞකාව කොළඹ රැඳී සිටින කාලය තුළ කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනේ සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක් නැරඹීමට අපේක්ෂා කෙරේ.
TCG Kinaliada ජූලි මස 11 වන දින දිවයිනෙන් පිටත්ව යනු ඇත. නෞකාව කොළඹ මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් සමඟ ගමන් කිරීමේ අභ්‍යාසයක (PASSEX) නිරත වනු ඇත.