ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ ආදරණීය මෑණියන් වූ මැණික් පුර බෙබිනෝනා වයස අවුරුදු 81 දී අභාවප්‍රාප්ත වූයේය .ඇයගේ දේහය දැනට අංක 86/2 C, දෙවන පටුමග, දේවාල පාර, මාකොළ, (උතුර) යන ලිපිනයේ ඇගේ නිවස තැන්පත් කර ඇත.
සුසන්තිකා ජයසිංහ ඇතුළු දියණියන් පස් දෙනෙකුගේ ආදරණීය මවක් වන බෙබිනෝනා මහත්මියගේ දේහය ලබන සෙනසුරාදා (13) සුසන්තිකා ජයසිංහගේ උපන් ගම්මානය වන වනකාපොළ උඩුවක වෙත රැගෙන ඒමට නියමිතය. ආගමික වතාවත් සිදු කර අවසන් ගෞරව දැක්වීම හෙට පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.