කාම්බෝජයේ නොම් පෙන් හි මොරොඩොක් ටෙකෝ ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති IV වැනි සංචිතයේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ගෝල 3-0ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් ශ්‍රී ලංකාව අඛණ්ඩව දෙවැනි ඩේවිස් කුසලාන ජයග්‍රහණය අත්කර ගත්තේය.
තෙහාන් විජේමාන්න කේවල ඉසව්වේ විශිෂ්ට දස්කම් දක්වමින් අබ්දුල්ලා අල්මාර් 6-0ක් සහ 6-0ක් ලෙස පරාජයට පත් කළේය. අප්නා පෙරේරා 6-0 සහ 6-0 කින් අහමඩ් බද්රි පරාජය කරමින් තවත් කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබා ගත්තේය. යුගල ඉසව්වේදී අබ්දුල්ලා අහමඩ් සහ හමාඩ් ජනාහිට එරෙහිව ලකුණු 6-1ක් සහ 6-3ක් ලෙස ශ්‍රී ලංකාවේ කණිකා ජයතිලක සහ අශේන් සිල්වා ජය තහවුරු කළහ.
අද (සෙනසුරාදා) ප්‍රවර්ධන තරගයේ දී ශ්‍රී ලංකාව කුවේට් සමග තරග වැදීමට නියමිතය. මේ අතර, අනෙක් තරගය කාම්බෝජයට එරෙහිව කටාර් තරග කරයි. මෙම තරගවල ජය ලබන කණ්ඩායම ලබන වසරේ III කාණ්ඩයට පිවිසෙනු ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව පිට පිට ඩේවිස් කුසලාන ජයග්‍රහණය තහවුරු කරයි
29
previous post