කොළොන්න ව්‍යාපාරිකයෙකු ඝාතනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඇඹිලිපිටිය, කොළොන්න, උල්ලිඳුවාව, අප්ටන් වත්ත ප්‍රදේශයේ තේ වත්තක හිමිකරු සහ ව්‍යාපාරිකයා ඔහුගේ නිවසට වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් දෙදෙනා ඊයේ (12) පෙරවරුවේ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාමනායකගේ ඉන්දික කුමාර හෙවත් “කලා මහින්ද” සහ ජයවර්ධන අබේසිංහ පතිරණගේ සඳකැලුම් ජයවර්ධන යන සැකකරුවන් දෙදෙනා මිද්දෙණිය, තොරගලයාය ඇඟලුම් කම්හල අසලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක්, බෝර 12 ජීව උණ්ඩ දෙකක්, හෙරොයින් ග්‍රෑම් 100ක්, වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් සහ ජංගම දුරකථන තුනක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් භාරයට ගෙන ඇති .
සැකකරුවන් දෙදෙනාට කොල්ලකෑම්, පහරදීම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කිහිපයක් ද් පවතින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය මෙහෙයවන රොටුඹ අමිල නමැති සංවිධානාත්මක පාතාල අපරාධකරුගේ ප්‍රධාන ගෝලයන් බවත් පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත .

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.