චීනය ස්මාර්ට් පන්ති කාමර 900 ක් සඳහා අරමුදල් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් පාසල් 500 ක ස්මාර්ට් පන්ති කාමර 900 ක ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මහජන චීන සමූහාණ්ඩුව මූල්‍ය ප්‍රදානයක් ලබා දී ඇත.
චීනයේ බීජිං නුවරදී මෙම මූල්‍ය ප්‍රදානය සඳහා අවශ්‍ය ගිවිසුමට අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනයේ උප සභාපති  අතර  සිදු කෙරිණි.
මෙම මූල්‍ය ප්‍රදානය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට විශාල රුකුලක් ලබාදීමේ ආරම්භය ලෙස හැඳින්විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය. නවීන අධ්‍යාපනික දත්ත මධ්‍යස්ථානයක්, බහු මාධ්‍ය දුරස්ථ ඉගෙනුම් සහ සම්මන්ත්‍රණ පහසුකම් ඇතුළු අති නවීන අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා මෙම අරමුදල් යොදා ගැනේ. ශ්‍රී ලංකා රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඇති අතර ඒ යටතේ අධ්‍යාපනය ඩිජිටල්කරණය ප්‍රමුඛ කාර්යයක් බවට පත්වී ඇත. මේ වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුවෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කොට පිළිගන්නා බව මුදල් ලේකම්වරයා පැවසීය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.