ඩුබායි සිට කොළඹට ගෙන ආ අපරාධකරුවන් දෙදෙනෙක්

ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි වෙත පළාගොස් සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඊයේ අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලබුනි. 12)
කොළඹ නුගේගොඩ පදිංචි කළුදුර දිනේෂ් සමන්ත ද සිල්වා (48) නොහොත් බබී නැමැත්තා ඩුබායි සිට රැගෙන ආ එක් අයෙකි.
මෙසේ රැගෙන ආ අනෙක් අපරාධකරුවා වන්නේ මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා (26) නැමැති අපරාධකරුවෙකි.
ඔවුන් ඊයේ (12) අලුයම 5.10 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල්-226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. ඔවුන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔවුන් දෙදෙනා කොළඹට රැගෙන ගොස් ඇත.
ඒ අනුව කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ආරක්ෂාව යටතේ රැගෙන යනු ලැබුවා.
කළුදුර දිනේෂ් සමන්ත ද සිල්වා මහතා කොළඹ නාරාහේන්පිට මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී ඇත.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.