සඳුදා අතුරුගිරියේදී අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (13) බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
දේහය මේ වන විට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ එම ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු නොකරන ලෙසට උපදෙස් දෙමින් නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.
ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා පසුගිය සඳුදා අලුයම අතුරුගිරිය ප්‍රදේශයේදී මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්විය.
වෙඩි තැබීමෙන් නයනා වාසුල විජේසුරිය නමැති තවත් පුද්ගලයකුට ද ජීවිතය අහිමි විය.
ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ජනප්‍රිය දේශීය ගායක කේ.සුජීව ඇතුළු 4 දෙනෙකු තුවාල ලැබුවා.
මේ අතර, අභ්‍යන්තර අපරාධ තොරතුරු මාධ්‍ය මගින් පිටවීම යුක්තිය පසිඳලීමට බාධාවක් විය හැකි බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කනස්සල්ල පළ කළේය.
අමාත්‍ය රාජපක්ෂගේ ප්‍රකාශය පැමිණෙන්නේ, අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකලාපය පිලිබඳව වැඩෙන මහජන සෝදිසිය මධ්‍යයේ ය.
පවතින නඩුවලට අනතුරක් විය හැකි සංවේදී තොරතුරු පළ කිරීමෙන් වළකින ලෙස ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.
තවත් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත්තේ සැකකරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දෙමින්.
සැකකරුවන් වරදකරුවන් බව ඔප්පු වන තුරු නිර්දෝෂී බවත් ඔවුන්ට ගෞරවයෙන් සැලකිය යුතු බවත් චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇත.