තද සුළං, තද වැසි සඳහා කාලගුණ අනාවැකි නිකුත් කෙරේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් අධික වර්ෂාව සහ තද සුළං/ රළු මුහුදු ප්‍රදේශ සඳහා උපදෙස් නිකුත් කර ඇත.
උපදේශන කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට පැයට කිලෝමීටර් (60-65) දක්වා ඉතා තද සුළං සමඟ ඉතා රළු විය හැකි  සම්භාවිතාවකි. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් සහ පුත්තලම හරහා කන්කසන්තුරේ දක්වා කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට (පැ.කි.මී.50 දක්වා) තද සුළං සමඟ රළු විය හැකිය. එබැවින් නාවික සහ ධීවර ප්‍රජාවගෙන්ද මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.

Related posts

Sri Lankan Airlines : නව සභාපති සැලැස්ම හෙළි කරයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළට

අර්ජුන් ඇලෝසියස්ට මාස හයක සිරදඬුවම්