ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය සහ ආර්ථික වර්ධනයට ඉවහල් වන එළවලු තෙල් භාවිතයේ වාසි පිළිබඳ වැඩමුළුවක් අද (18) පෙරවරු 9 සිට කොළඹ 10, නෙළුම් කුළුණේ දී පැවැත්වේ.
නුක්ලියස් පදනම විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ ප්‍රධාන හවුල්කරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වන අතර ඔවුන් මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දුනීසියානු තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් මෙම උත්සවය පවත්වනු ලබයි.
විශේෂ ආරාධිතයෙකු ලෙස වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහභාගි වන අතර විදේශීය ආරාධිතයන් කිහිප දෙනෙකු ඉදිරිපත් කිරීම් සමග තම රටවල ඔයිල් පාම් වගාවේ සාර්ථකභාවය් රහස් පැවසීමට නියමිතය.
උත්සවයේ ප්‍රධාන කථිකයෙකු වනුයේ ඉන්දියාවේ එළවළු තෙල්/තෙල් බීජ සහ කෘෂි ව්‍යාපාරයේ ප්‍රවීණයෙකු වන අතුල් චතුර්වේදි ය. ඔහු 1998 සිට අදානි සමඟ සම්බන්ධ වී ඇති අතර සමූහයේ කෘෂි සහ කෘෂි යටිතල පහසුකම් ව්‍යාපාරයේ දියුණුව සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.
දශක හතරක් තිස්සේ ඉන්දියානු තෙල් බීජ ක්ෂේත්‍රය සහ එළවළු තෙල් කර්මාන්තය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති ඉන්දියානු එළවළු තෙල් කර්මාන්තයට සම්බන්ධ ආචාර්ය බී.වී.මෙහ්තා ද මෙම අවස්ථාවට සහභාගී වේ.
“ඔවුන්ට අවශ්‍ය තෙල් රට තුළම නිෂ්පාදනය කර රට ස්වයංපෝෂිත කළ හැකි නම්, එය විදේශ විනිමය ගලා ඒම ඉතිරි කරනවා පමණක් නොව, අගය එකතු කළ පොල් නිෂ්පාදන අපනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය උපයා ගැනීමටද හැකි වනු ඇතයි ද අදහස් දැක්විය