කල්පිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස රැගෙන ආ ටෙන්ඩු කොළ කිලෝග්‍රෑම් 226ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නීතිවිරෝධී ද්‍රව්‍ය රැසක් දිවයිනට ගලා ඒම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනේ වෙරළබඩ ප්‍රදේශවල නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදු කරන අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (17) කල්පිටිය කුඩාව වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන ටෙන්ඩු කොළ කිලෝග්‍රෑම් 226 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නෞකා විජය නෞකාව කුඩාව වෙරළ තීරයේ මෙම මෙහෙයුම සිදු කරන ලදී. මෙම මෙහෙයුමේදී පඳුරු අතර සඟවා තිබූ කිලෝග්‍රෑම් 226ක් පමණ බරැති ටෙන්ඩු කොළ ගෝනි හතක් නාවික හමුදා සාමාජිකයින් විසින් සොයා ගන්නා ලදී.
ටෙන්ඩු කොළ තොගය නාවික හමුදාවේ සිටීම නිසා රැගෙන යාමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් අතහැර දමා ගොස් ඇති බවට සැක කෙරේ. මෙම ටෙන්ඩූ කොළ තොගය නීතිමය කටයුතු සඳහා බලධාරීන් වෙත භාර දෙන තෙක් නාවික හමුදාවේ සුරක්ෂිත භාරයේ තබා ඇත.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.