Thursday, February 27, 2025
Home » ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්රතිඵලයක් වශයෙන් කොහුවල ගුවන් පාලම විවෘත කිරීම

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්රතිඵලයක් වශයෙන් කොහුවල ගුවන් පාලම විවෘත කිරීම

by BulletEditor
0 comment 2 minutes read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹිමෙන්  අනතුරුව කොළඹ – හොරණ මාර්ගයේ ගමනාගමනය පහසු කිරීමේ අරමුණින් කොහුවල මංසන්ධියේ අලුතින් ඉදිකරන ලද ගුවන් පාලම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඊයේ ජනතා අයිතියට පත් කෙරිණි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට අනුබද්ධ මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) පූර්ණ අධීක්ෂණය යටතේ හංගේරියාවේ Betonutepito සමාගම විසින් ඉදිකරන ලද මෙම ගුවන් පාලම ඉදිකිරීම. 2021 අගෝස්තු 16 වැනි දින ආරම්භ කරන ලදී.  මෙම ගුවන් පාලමේ දිග මීටර් 254 සහ පළල මීටර් 9.4′, ‘රුපියල් මිලියන 3,599ක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇත.හංගේරියානු සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස Access Engineering සමාගම    කටයුතු කර තිබුණි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත සහ යදාමිණි ගුණවර්ධන, හිටපු අමාත්‍ය සුනේත්‍රා රණසිංහ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල, නේවාසික නියෝජිත හංගේරියාවේ Betonutepito සමාගමේ Karoli Singhal ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා   එක්විය. ”පසුගිය කාලය තුළ අධිවේගී මාර්ග, පාලම්, මාර්ග ආශ්‍රිත සියලු ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම ආර්ථික ගැටලු නිසා නවතා තිබුනි.  සෑම ව්‍යාපෘතියක්ම දෙස් විදෙස් ණය මත ආරම්භ කර තිබු  අතර කොහුවල පාලමට  සහ ගැටඹේ පාලමට  හංගේරියාවේ මුල්‍ය අනුග්‍රහය මත සිදුවී තිබුණි  අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ  ‘ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය, මහ බැංකුවේ, මුදල් අමාත්‍යාංශයේ සහ ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහාය ඇතිව ගිවිසුම් කිහිපයකට අත්සන්  අත්සන් තැබීමෙ ප්‍රතිඵලයක්  ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස අද කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට පත් වි ඇත .’ගැටඹ ගුවන් පාලමේ වැඩකටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකි වෙතැයි ද  ඒ සමග විශ්වාසය ප්‍රකාශ කර ඇත. පැරිස් සමාජය සමඟ, ශ්‍රී ලංකා රජය සහ චීනයේ EXIM බැංකුව සමඟ සාකච්ඡා කර  සාර්ථක වුවහොත් නැවතත් ණය මුදල ලබාගෙන මහනුවර ගැටඹේ ගුවන් පාලමේ වැඩ කටයුතු කරගෙන යාමට අවස්ථා  ඇති බැව් ද ඒ සමගම ප්රකාශ කරන ලදී

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00