හෝමාගම ප්‍රදේශයේ විවෘත කර ඇති විදේශීය මත්පැන් හල සතියක් ඇතුළත ඉවත් නොකළහොත් තීරණයක් ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.
එය ඉවත් නොකළහොත් තමාට හෝමාගම ප්‍රදේශයේ ජනතාවගේ අභිමානය අන් කිසිවකට වඩා වැදගත් බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිව තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ විදේශීය මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට එරෙහිව පැවති විරෝධතාවයකට එක්වෙමින්. පසුව ඔවුන් පිටිපන අවුකන පිළිමය අබියස සත්‍යක්‍රියාවට සහභාගි වූහ.
හෝමාගේ ප්‍රදේශයේ විදේශීය මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට කිසිඳු පුද්ගලයෙකුට අවස්ථාවක් ලබා නොදුන් බවත්, හෝමාගම ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බවත් ඔහු කියා සිටියේය.
හෝමාගම ප්‍රදේශයේ සුරාසැල් විවෘත කිරීමට ඉඩ නොදෙන ලෙස අදාළ නිලධාරීන්ට කිහිප වතාවක්ම දැනුම් දී තිබූ බවද ඔහු සඳහන් කළේය. නමුත් මේ සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ජනතාවට අවස්ථාවක් ලබාදී නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.
බෞද්ධ, පාලි විශ්වවිද්‍යාලය ඇතුළු අධ්‍යාපන ආයතන ගණනාවක් වශයෙන් දිනකට සිසුන් දහස් ගණනක් පිටිපන නගරයට පැමිණෙන බවද ඇමැතිවරයා කීය. අනෙකුත් විශ්ව විද්‍යාල ප්‍රදේශයේ පිහිටා ඇත.
ප්‍රදේශයේ ජනතාවගේ දැඩි විරෝධය මධ්‍යයේ විදේශීය මත්පැන් අලෙවි හලක් විවෘත කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළේය.