චීනයේ නිරිතදිග වෙළඳ මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා

බදාදා නිරිත දිග චීනයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගිය බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.
සිචුවාන් පළාතේ සිගොං නගරයේ තට්ටු 14 කින් යුත් ගොඩනැගිල්ලෙන් විශාල කළු දුමාරයක් පිටවන අයුරු නාට්‍යමය රූපවලින් දැක්විණි. කිහිප දෙනෙක් බැල්කනියක රැස්ව සිටිනු ද දක්නට ලැබිණි.
හදිසි සේවකයින් 300 කට ආසන්න සංඛ්‍යාවක් සහ වාහන දුසිම් ගනනක් ප්‍රාදේශීය ගිනි නිවන දෙපාර්තමේන්තුවෙන් එම ස්ථානයට පිටත් කර හැරීමෙන් පසු 30 දෙනෙකු පමණ ගින්නෙන් බේරා ගත් බව රාජ්‍ය විකාශක සීසීටීවී වාර්තා කරයි. (සීඑන්එන්)

Related posts

Liam Payne – හිටපු One Direction සාමාජිකයා, 31 දී මියයයි.

මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් : රජයෙන් විශේෂ නිවේදනයක්

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහට විනය හේතූන් මත වැඩ තහනමක්