කූරගල විහාරස්ථානය ආශ්‍රිත මාධ්‍ය හමුවකදී මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් වෛරී ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධියට අදාළ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය ඊයේ නියෝග කළා. . මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පසුගිය මාර්තු 28 වැනිදා කොළඹ මහාධිකරණය විසින් නියම කරන ලදී.
අදාළ දඬුවමට එරෙහිව ගොනු කර ඇති අභියාචනය විභාගය අවසන් වනතුරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් සමඟ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ඥානසාර හිමියන් මුදා හැරීමට නියෝග කෙරුණා.
ඊට අමතරව උන්වහන්සේට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා තිබූ අතර එම තහනම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා දැනුවත් කරන ලෙස අභියාචනාධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළා.