නීතිවිරෝධී ලෙස රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2024 ජූලි 17 වන දින සවස පුත්තලම වැල්ලමුන්දලම සිට කොළංකනත්ත දක්වා වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී වියළි කහ කිලෝග්‍රෑම් 778 ක් (තෙත් බර) සොයා ගැනීමට හැකි විය. මෙම වියළි කහ තොගය නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ආ බවට සැක කෙරේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව නිරතුරුව සීරුවෙන් සිටින අතර නීතිවිරෝධී ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීම සඳහා දිවයිනේ වෙරළබඩ ප්‍රදේශවල මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරයි.
මෙම උත්සාහයේ දිගුවක් ලෙස වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි නෞකාව වැල්ලමුන්දලම සිට කොළංකනත්ත දක්වා වෙරළ ආසන්නයේ මෙම සෝදිසි මෙහෙයුම සිදු කරන ලදී. මෙහෙයුම අතරතුර, නාවික භටයින් විසින් ඒ අසල පඳුරුවල තිබී සැකකටයුතු ගෝනි 26 ක් සොයා ගත් අතර, ඒවායේ පුරවන ලද වියළි කහ කිලෝග්‍රෑම් 778 (තෙත් බර) සන්තකයේ තබා ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන තුරු වියළි කහ තොගය නාවික හමුදාව භාරයේ තබා ඇත.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.