පාර්ලිමේන්තුවේ අවශ්‍ය නීති සම්මත කළ නිසා මහජනතාවට ආර්ථික සහනයක් සලසමින් ජල හා විදුලි මිල අඩු වී ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ පැවති “දක්ෂිණ ජන මෙහෙවර” ජංගම සේවය අමතමින් ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, “මේ වන විට ආසන්න වශයෙන් නීති 151ක් සම්මත කර ඇති අතර තවත් නීති කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. නමුත් මේ තීරණ පාර්ලිමේන්තුවේ සම්මත කරද්දී ඇතැම් අය විරුද්ධ වුණා. එදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් වෘත්තීය සමිති කොත්මලේ ජලාශයේ වාන් දොරටු බලහත්කාරයෙන් විවෘත කිරීම ඇතුළු කඩාකප්පල්කාරී වැඩ කළා. අභියෝග මධ්‍යයේ වුවද, නිවැරදි තීරණ ක්‍රියාත්මක කිරීම නිසා රට අවුල් සහගත තත්ත්වයෙන් ගොඩ ඒමට සමත් විය.”
මෙම ජංගම සේවාව සඳහා විශාල පිරිසක් සහභාගී වූ අතර, ලබා දී ඇති විසඳුම් හරහා මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද ගැටළු රාශියක් විසඳා ඇත.
මෙම ජංගම සේවාවේ විශේෂත්වය වන්නේ ඉඩම් බලපත්‍ර ලබාදීම, ආබාධිත පුද්ගලයින්ට රෝද පුටු, කිහිලිකරු ලබාදීම, සිසුන්ට පාසල් උපකරණ කට්ටල බෙදාදීම, වනිතා සමිති සාමාජිකයින් සඳහා සක්‍රීය ණය ලබාදීම ආදී විවිධ සේවාවන් එකම ස්ථානයකදී ලබාදීමයි.
මීට අමතරව අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලේ අක්ෂි පරීක්ෂණ සහ ඇස් කණ්නාඩි ලබාදුන් අතර, පළාත් සභාව මගින් ක්‍රියාත්මක වන සියලුම රාජ්‍ය ආයතනවල සේවාවන් ද ලබා ගැනීමට හැකි විය.
මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.