යාපනය ශික්ෂණ රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය ස්ථාපිත කිරීම සහ කොඳු ඇට පෙළ, අස්ථි සහ මෘදු පටකවල ඡායාරූප ගැනීමට භාවිත කරන රුපියල් මිලියන 50ක් වටිනා C-arm X-ray යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම ඊයේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ.ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා යාපනය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, සායන, වාට්ටු, අක්ෂි ඒකකය, මුළුතැන්ගෙයි, රසායනාගාරය, ඖෂධ ගබඩා, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක සහ විශේෂ ඒකක ඇතුළත් නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්කවල ජනතාවට සෞඛ්‍ය සේවා සපයන ප්‍රධාන රෝහල වන යාපනය ශික්ෂණ රෝහල තුළ පවතින අඩුපාඩු හඳුනා ගනිමින් මෙම පළාතේ ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා මෙම විශේෂ පරීක්ෂාව සිදුකළ බව අමාත්‍යවරයා පැවසීය. ඉදිරි වසර තුළ යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ඒකක සහ ගොඩනැගිලි ඉදිකිරීම අයවැය ප්‍රතිපාදන මත සිදු කිරීමට නියමිත බවත් ඒ සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරන බවත් ඔහු පැවසීය.
පුහුණුව ලත් කණ්ඩායම්වලින් රෝහලට අවශ්‍ය ප්‍රශස්ථ මානව සම්පත් ලබා දෙන ලෙස තමන් විෂය භාර නිලධාරීන්ට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ටී සත්‍යමූර්ති ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
යාපනය ශික්ෂණ රෝහල වැඩිදියුණු කෙරේ
84