Thursday, February 27, 2025
Home » වතු කම්කරුවන් වාසය කරන ප්‍රදේශ නව ජනාවාස ගම්මාන ලෙස නම් කිරීමට නීති

වතු කම්කරුවන් වාසය කරන ප්‍රදේශ නව ජනාවාස ගම්මාන ලෙස නම් කිරීමට නීති

by BulletEditor
0 comment 1 minutes read

රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ප්‍රාදේශීය වතු සමාගම් මගින් පාලනය වන රජයට අයත් වතු ඉඩම්වල වතු කම්කරුවන් පදිංචිව සිටින ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නව ජනාවාස ගම්මාන ලෙස විධිමත් ලෙස නම් කිරීමට නීති කෙටුම්පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද ඊයේ (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. රාජ්‍ය පාලනය යටතේ පවතින වතුකරයේ වතු කම්කරුවන් වාසය කරන ප්‍රදේශ, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ප්‍රාදේශීය සමාගම් විසින් අධීක්‍ෂණය කරනු ලබන ප්‍රදේශ නව ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමේ කාලීන නීති පැනවීමේ යෝජනාවට සියලු පාර්ශ්ව එකඟත්වය පළ කර ඇත.
මෙම වැඩපිළිවෙළ යටතේ වත්මන් වතුකරයේ පදිංචිකරුවන් සඳහා ඉඩම් අයිතිය තහවුරු කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරමින් අවධාරණය කළේය.
ගම්, නගර සහ වතුකරයේ පදිංචිකරුවන්ට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජයේ අඛණ්ඩ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ප්‍රාදේශීය වැවිලි සමාගම්වල උපදෙස් ලබාගෙන ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ආරම්භ කිරීම නිර්දේශ කළ ජනාධිපති වික්‍රමසිංහ, එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා වතුකරයේ ප්‍රජාවන් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට යෝජනා කළේය.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පලනි තිගාම්බරම්, වඩිවෙල් සුරේෂ්, වේලු කුමාර්, එම්.රාමේෂ්වරන් සහ එම්.උදයකුමාර් යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ. සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.සී.එම්. නෆීල් මහතා සහ රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුගත් යාලේගම මහතා ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00