ක්‍රිප්ටෝ වංචාකරුවන් තිස් නව දෙනෙකු රුපියල් මිලියන 50,000 ක මුදලක් වංචා කරයි

අන්තර්ජාලය හරහා ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කර ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් වංචා කළ චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් 39 දෙනෙකු රුපියල් මිලියන 50,000 ක මුදලක් චීනයට එවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (18) වාර්තා කළේය.
සැකකාර චීන ජාතිකයන් ඇතුළු විදේශිකයින් 39 දෙනා බිනන්ස් (USDT) ගිණුම් 44ක් හරහා චීනයට මුදල් එවා ඇති බවට අනාවරණය වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහ චීන පොලිසියේ විශේෂ කණ්ඩායම් දෙකක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් වංචා කර මෙම සැකකරුවන් ජුනි 22 වැනිදා මීගමුවේ තරු පන්තියේ හෝටලයක සාදයක් පවත්වා ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම මහා පරිමාණ ජාවාරම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මෙවැනිම ජාවාරමක නිරත වීම හේතුවෙන්  ඔවුන්  ඩුබායි සිට පිටුවහල් කර ඇත.
මෙම මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් චීනය, පාකිස්ථානය, ඉන්දියාව, ඩුබායි සහ බොලිවියාව යන රටවල තානාපති කාර්යාල දැනුවත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළේය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.