යාපනයේ සිට සෙල්ලකතරගම දක්වා පාද යාත්‍රාවට සහභාගී වූ බැතිමතුන් විසින් අත්හැර දමන ලද ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් කර බැහැර කිරීම සඳහා නාවික හමුදාව විසින් 2024 ජූලි 17 වන දින කුමන ජාතික වනෝද්‍යානයේ බාගුරේ කලපු ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සිදු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, පරිසරය සුරැකීම සඳහා වනෝද්‍යානයෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීම සහතික කරමින්, බැතිමතුන් දමා යන ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා ගිනිකොන නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් පිරිසක් අත්වැල් බැඳ ගන්නා ලදී.
යාපනය – සෙල්ල කතරගම පාද වන්දනාවෙන් පසු නාවික හමුදාව පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි
53
previous post