අනිවාර්ය නිවාඩු යවා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාතික පොලිස් කොමිසම (NPC) විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු චම්පා රාජරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් විනය පරීක්ෂණ මණ්ඩලයට එහි සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් වන ඒ.එච්.ගමගේ සහ එස්.කේ.ලියනගේ ඇතුළත් වේ.
විනය පරීක්ෂණය ජූලි 18 වැනිදා අවසන් වනතුරු නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කළේය.