රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ඇති නැඹුරුව ශක්තිමත් කිරීමෙන් යහපත් සමාජයක් සහ යහපත් රටක් නිර්මාණය කිරීම පහසු වන බව වාරිමාර්ග, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනයේ වටිනාකම අවබෝධ කරගත් නායකයෙකු බවත් ඔහු ආරම්භ කර ඇති ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වන්නිආරච්චි බදාදා (17) මේ බව පැවසුවේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් සඳහා ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 2747 දෙනෙකුට ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිත අතර ඒ අනුව ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පමණක් පාසල් සිසුන් 550 දෙනෙකුට ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම බදාදා සිදු විය.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිත සොයිසා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න යන මහත්වරු ඇතුළු ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුවරු සහභාගි වූහ.