පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 23 වැනි උපකුලපතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පත් කර තිබේ.
වත්මන් උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ මහතාගේ ධූර කාලය ජුලි 31 වැනිදායින් අවසන් වන අතර නව උපකුලපතිවරයාගේ සේවා කාලය අගෝස්තු 1 වැනිදා ආරම්භ වීමට නියමිතයි.පරිපාලන සභාව විසින් උපකුලපති තනතුර සඳහා නම් තුනක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ කර ඇත. සම්මුඛ පරීක්ෂණයකදී ලබාගත් ලකුණු මත සහ ඔවුන්ගෙන් එක් අයෙකු පත් කිරීම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සිදු කෙරේ. උපකුලපතිවරයෙකුගේ ධුර කාලය වසර තුනකි.
උපකුලපතිවරයා ලෙස පත්වීමට පෙර මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා ලෙස වසර තුනක් කටයුතු කර ඇත.
මදුජිත් මහතා කෘෂිකර්ම පීඨයේ ආහාර හා තාක්ෂණ අංශයේ මහාචාර්යවරයකු වන අතර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයකු ද වේ. මහාචාර්ය මධුජිත් අධ්‍යාපන පර්යේෂණ කමිටුවේ අධ්‍යක්ෂවරයකු ද වන අතර පර්යේෂණ පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කර ඇගයීමට ලක්ව ඇත.