එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ 30 වැනි වසර සමරමින් ස්තුති දීමේ සේවාවේදී නව දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය රොනල්ඩ් ලම්බෝලා මහතා හමුවිය. මෙම උත්සවය ලන්ඩනයේ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් කාර්යාලය විසින් 2024 ජූලි 16 වන දින වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පවත්වන ලදී.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතාව මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලය තුළ සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මහ කොමසාරිස් බෝගොල්ලාගම සහ අමාත්‍ය ලමෝලා අතර අදහස් හුවමාරු විය. සම්භාවනීය අමුත්තන් දෙදෙනාම තම රජයන් අතර සහයෝගීතාව සහ ගැඹුරු සබඳතා වැඩි දියුණු කිරීමට දැඩි කැපවීම ප්‍රකාශ කළහ.