වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ඖෂධ සැපයුම්කරුවන්ට දින 90 ඉක්මවන හිඟ ගෙවීම් රුපියල් බිලියන 4ක් පමණ පවතින බවත් එම මුදල් මේ මස ඇතුළත ගෙවන බවත්ය.
ඖෂධ ලබාදීමට බාධාවක් නොවන අයුරින් හිඟ වැටුප් ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බල පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මර්ක්කර් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඖෂධ වර්ග 850ක් මිලදී ගන්නා බවත් ඉන් ඖෂධ 19ක් හිඟව පවතින බවත් ඒවා දේශීයව මිලදී ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය. ගෝස් සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 156කට අධික මුදලක් ගෙවීමට ඇති බවත්, ඔවුන්ට ප්‍රමුඛත්වය ලබාදී එම ගෙවීම් සිදු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත්, මේ මාසය ඇතුළත එම ගෙවීම් සියයට 50කට වැඩි ප්‍රමාණයක් අවසන් කරන බවත් ඇමැතිවරයා පැවැසීය.
ඉතිහාසයේ වැඩිම මුදල ලෙස මෙවර ඖෂධ මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 180ක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
ඖෂධ සැපයුම්කරුවන්ට හිඟ ගෙවීම්
84
previous post