බංගලිදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් නැහැ – ඇමති

බංග්ලාදේශයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු බලපෑමක් සිදුවී නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බංග්ලාදේශයේ දැනට ශ්‍රී ලාංකිකයින් 2,835 දෙනෙකු සේවය කරන බවත්, අවශ්‍ය වුවහොත් ඔවුන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
බංගලාදේශයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ සමීපව කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

Related posts

Liam Payne – හිටපු One Direction සාමාජිකයා, 31 දී මියයයි.

මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් : රජයෙන් විශේෂ නිවේදනයක්

Sri Lankan Airlines : නව සභාපති සැලැස්ම හෙළි කරයි