බිත්තර නිෂ්පාදනය අඩු වුවහොත් බිත්තර ආනයනය කිරීමට සිදුවන බවත් එසේ නොවන්නේ නම් නිෂ්පාදකයා තම නිෂ්පාදන නිසි මිලට ලබාදී පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතු බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් තමා වගකිව යුතු බැවින් බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවත්, ඊට මැදිහත් වී විසඳුම් සෙවීමට තමාට සිදු වූ බවත් අමාත්‍යවරයා පැවසීය.
ආර්ථික ප්‍රකෘතියේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙමින් ජනතාව වෙනුවෙන් සහන ක්‍රියාමාර්ග රැසක් රජය කඩිනමින් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.