සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සහ ඡන්ද විමසීමකින් තොරව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වුණු අතර ඉන් අනතුරුව පනත් කෙටුම්පතට සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කෙරිණි.
සිවිල් නඩු විධාන සංග්‍රහයේ (පරිච්ඡේද 101) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු. (ආචාර්ය) ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ විසින් එම පනත් කෙටුම්පත 2024 මැයි 13 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
තවද, අංක 2360/22 සහ 2371/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ ප්‍රකාශයට පත් කරන ලද අධිකරණ පනත යටතේ වන රෙගුලාසි ද අද පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.