2023-සාමන්‍ය පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් වන විට – ඇමති

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ 2023 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වන විට නිකුත් කරන බවයි.
පාසල්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට අනුව සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කෙරේ. ලබන සතිය වනවිට නඩුව අවසන් වූ පසු එම පත්කිරීම් සිදුකිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළා.
දැනට පවතින පුරප්පාඩු සඳහා සංවර්ධන නිලධාරීන් 23,000 න් 6,000 ක් ගුරුවරුන් ලෙස පත් කර ඇත. ඉතිරි අය සඳහා සම්මුඛ පරීක්‍ෂණයක් පවත්වා පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇත. සියලුම ගුරු පුරප්පාඩු ඉතා කෙටි කාලයකින් පුරවන බව අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා කියා  සිටියේ හෝමාගම ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.